ලබන වසරේ සිට ජාතික පාසල්වල වසර අටට වැඩි සේවා කාලයක් සහිත සියලු ගුරුවරුන් මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම වසරේ දී මාරු කෙරුණේ ජාතික පාසල්වල වසර නවයක සේවා කාලයක් සහිත ගුරුවරුන් වන අතර මෙම ගුරුවරුන් මාරු කරන්නේ පළාත් මට්ටමින් මාරු මණ්ඩල කැඳවමින්.
එසේම ලබන වසරේ ස්ථාන මාරු ලබන ගුරුවරුන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම්පත් කැඳවා අවසන් කර ඇති බව සඳහන්.
මේ අතර ගුරු ස්ථාන මාරු අවලංගු කරගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා ඉදිරිපත් කර ඇති ගුරුවරුන්ට අදාළ තීරණ මෙතෙක් ලබා දී නොමැති බව වාර්තා වේ.
එබැවින් එම ගුරුවරුන් ලබන වසරට අදාළව ද ස්ථාන මාරු අයදුම් කර නැත. ඔවුන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා කර ඇත්තේ මාරු මණ්ඩලයට ඉදිරිපත්කළ අභියාචනා ප්‍රතික්ෂේප වීම හේතුවෙන්.
එසේම මාරු මණ්ඩලයට ඉදිරිපත් කළ අභියාචනා ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව එම ගුරුවරුන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා කර ඇත්තේ තවදුරටත් එම පාසලේ ම රැඳී සිටීමේ අරමුණින් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කරන බව සඳහන්.
ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එම අභියාචනාවලට අදාළ තීරණ ලබාදීම ප්‍රමාද වන තරමට එම ගුරුවරුන්ගේ අරමුණ පහසුවෙන්ම ඉටු වන බවයි.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්