Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්

18 minutes ago

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර මැකේ හිදී පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 51ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (23) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කිරීමට ඕස්ට්‍රේලියාවට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 64කට සීමා කිරීමට මිචෙල් ස්ටාර්ක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාර්ක් ලකුණු 12කට කඩුලු 6ක් බිඳහෙළීය. අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 210ක් රැස්කළ අතර, ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 146ක පළමු ඉනිමේ වාසියක් තබා ගැනීමට ඔවුන්ට හැකි විය.

ලකුණු 146ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 95ක් පමණි. දෙවන ඉනිමේදී ද දස්කම් දැක්වූ මිචෙල් ස්ටාර්ක් කඩුලු 4ක් ද, පැට් කමින්ස් සහ නේතන් ලියෝන් කඩුලු 3 බැගින් ද බිඳහෙළූහ. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 9කින් ජයගත් බංග්ලාදේශ කණ්ඩායම, ඕස්ට්‍රේලියාවට එරෙහිව සිය ප්‍රථම ටෙස්ට් තරග ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *