Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

1 hour ago

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (24) පෙරවරු 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය මහතා අත්තනෝමතික ලෙස ස්ථානමාරු කිරීමට එරෙහිව මෙම පියවර ගෙන ඇත.

සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරිපාලනය වෙත ලබාදෙන සියලු ආකාරයේ දත්ත සහ වාර්තා සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම.

සියලු ආකාරයේ දත්ත පද්ධති යථාවත් කිරීම (Data systems updating) අත්හිටුවීම.

මෙම කාලසීමාව තුළ නොලැබී යන කිසිදු දත්තයක් නැවත කිසිදිනෙක දත්ත පද්ධති වෙත යථාවත් නොකිරීම.

බී.එච්. මිගස්දෙනිය මහතාගේ ස්ථානමාරුව වහාම අවලංගු කර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, කොළඹ වරාය සහ කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලවල අනුමත PHI සේවක සංඛ්‍යාව අඩු කිරීමට දරන උත්සාහය නැවැත්වීමටත් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ගැටලුව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයකට පූර්ණ සහය දීමටත්, ඕනෑම අවස්ථාවක බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටත් තමන් සූදානම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති සහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *