ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් පවත්වා තිබේ.
ඒ කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහාය.
ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් වී, බඩඉරිඟු, ධාන්‍ය සහ එළවළු වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්යෙන් පවතින සංඛ්‍යා දත්ත සහ අදාළ ගොවීන්ට වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර වාරිමාර්ග පද්ධතියට සිදුව තිබෙන හානිය ගණනය කොට එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළ සැලසුම් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ඩකට්ට පැනවූ තහනම
මැදපෙරදිග යුද්ධයෙන් යළි ගුවන් ගමන්වලට බාධාවක්
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට
රටවල් කිහිපයක LNG සැපයුම අඩාලකළ කටාර් රාජ්‍යයේ නිවේදනය
බොරතෙල් මිල වේගයෙන් පහතට
වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක්
පොලී අනුපාත පිළිබඳව මහ බැංකුව ගත් තීරණය
විපක්ෂයේ පක්ෂ එකට එක්වෙයි! ජාත්‍යන්තර සංවිධාන රැසකට ලිපි යවයි!
බලශක්ති ඇමති ජනතාවගේ සහාය පතයි
යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්
ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්
ජනපති අනුර හා මෝදි අතර තීරණාත්මක දුරකථන සංවාදයක්