අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් උප ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් වංචනික ලෙස ගිණුමකට මුදල් බැර කර ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව ලැබී තිබූ පැමිණිල්ලකට අනුවයි.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පැමිණිලිකරු රවටා ටෙලිග්‍රෑම් සමූහයක් වෙත සම්බන්ධ කරගනිමින් රුපියල් හැටඅට ලක්ෂ හැට දහසක මුදලක් වංචා කර ඇති බවයි.
වංචාකරන ලද මුදලින් රුපියල් ලක්ෂ පනහක මුදලක් සැකකරු, සිය බැංකු ගිණුමට බැර කරගෙන ඇති බවටත් අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 31ක් හැවිරිදි වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

නාමල් රාජපක්ෂට ලක්ෂ 700ක අල්ලස් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට
පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්