වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 46කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා ඒ බව සඳහන් කරනවා .
ඒ මහතා සඳහන් කළේ, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 9න් ජලාශ 3ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලමද, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 07න් 03ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් ජලාශ 03ක්ද මේ වන විට වාන් දමන බවයි .
මීට අමතරව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් ජලාශ 04ක්ද, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 03න් ජලාශ දෙකක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් ජලාශ 04ක්ද, මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 03න් එක් ජලාශයක්ද විට වාන් දොරටු විවෘත බව සඳහන්.
එමෙන්ම පොළොන්රුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් ජලාශ දෙකක්ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 05න් ජලාශ තුනක්ද, මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් එක් ජලාශයක්ද වශයෙන් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්යක්ෂවරයා සඳහන් කරනවා.
විශේෂයෙන් අදාළ ජලාශවල වාන් දොරටු විවෘත කිරීම මගින් නිතුක් කෙරෙන ජල ප්‍රමාණයන් අවම ප්‍රමාණයක පවතින අතර ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය අනුව මෙම ජලාශවල වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස්විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්යක්ෂවරයා සඳහන් කළේ.
එම නිසා එම ජලාශවල පහළ ප්‍රදේශවල ජනතාව අදාළ ජලාශවලින් ජලය නිකුත්කිරීමේ නිවේදන පිළිබඳ දැඩි අවධානයක් යොමුකිරීම ඉතාමත් වැදගත් බවත් මේ වන විට එම ජලාශවලින් නිතුක් කරන ජල ප්‍රමාණ මගින් ජලාශවල පහළ ප්‍රදේශවල ගංවතුර අනතුරක් හෝ ජල මට්ටම් ඉහළ යෑමක් නිරික්ෂණය නොවන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා වැඩිදුරටත් පැවසුවේ

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ