දහම් පාසල් සිසු දරුවෙන් එක්ව ඉවතලන ලොතරැයි පත් යොදාගෙන දර්ශනීය පිරිත් මණ්ඩපයක් නිර්මාණය කළ පුවතක් මාතර, වැලිගම, ඉබ්බාවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
වැලිගම ඉබ්බාවල පියරතනාරාම විහාරස්ථානයේ වර්ෂික කථික පිංකමට සමගාමීව පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් දේශනාව වෙනුවෙන් මෙම අලංකාර පිරිත් මණ්ඩපය නිර්මාණය කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම පිරිත් මණ්ඩපය නිර්මාණය කිරීම සඳහා වතලන ලොතරැයි පත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම දර්ශනීය පිරිත් මණ්ඩපයේ වැඩ අවසන් කිරීම සඳහා මාස දහයක පමණ පමණ කාලයක් ගත වූ බවයි විහාරාධිපති හිමියන් පැවසුවේ.
මෙම සුවිශේෂී පිරිත් මණ්ඩපය දැකබලාගැනීමට සහ සර්ව රාත්‍රික පිරිත් දේශනාවට සහභාගිවීමට අති විශාල ජනකායක් ඉබ්බාවල ශ්‍රී පියරතනාරාම පුරාණ විහාරස්ථානය ඊයේ (27) රාත්‍රියේ පැමිණ තිබෙනවා.
hits : ජාතික ගීය වෙනස් කළ යුතු බවට යෝජනාවක්



අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි