Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉවතලන ලොතරැයි පතෙන් තැනූ පිරිත් මණ්ඩපය (ඡායාරූප)

3 years ago 2.8 K

දහම් පාසල් සිසු දරුවෙන් එක්ව ඉවතලන ලොතරැයි පත් යොදාගෙන දර්ශනීය පිරිත් මණ්ඩපයක් නිර්මාණය කළ පුවතක් මාතර, වැලිගම, ඉබ්බාවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වැලිගම ඉබ්බාවල පියරතනාරාම විහාරස්ථානයේ වර්ෂික කථික පිංකමට සමගාමීව පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් දේශනාව වෙනුවෙන් මෙම අලංකාර පිරිත් මණ්ඩපය නිර්මාණය කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිත් මණ්ඩපය නිර්මාණය කිරීම සඳහා වතලන ලොතරැයි පත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම දර්ශනීය පිරිත් මණ්ඩපයේ වැඩ අවසන් කිරීම සඳහා මාස දහයක පමණ පමණ කාලයක් ගත වූ බවයි විහාරාධිපති හිමියන් පැවසුවේ.

මෙම සුවිශේෂී පිරිත් මණ්ඩපය දැකබලාගැනීමට සහ සර්ව රාත්‍රික පිරිත් දේශනාවට සහභාගිවීමට අති විශාල ජනකායක් ඉබ්බාවල ශ්‍රී පියරතනාරාම පුරාණ විහාරස්ථානය ඊයේ (27) රාත්‍රියේ පැමිණ තිබෙනවා.

hits : ජාතික ගීය වෙනස් කළ යුතු බවට යෝජනාවක්

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *