පාර්ලිමේන්තුව ලබන මස 03, 05 සහ 06 යන දිනවලදී නැවත රැස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසනවා.
ඒ අනුව, 2026 පෙබරවාරි 03 වැනිදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ අංක 2396/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි.
පෙබරවාරි 05 වැනිදා ශ්‍රී ලංකා තත්‍ය දේපළ වෘත්තීකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී තිබෙනවා.
එසේම, පාර්ලිමේන්තුවේ දැනට පළමුවර කියවා ඇති කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත් කෙටුම්පත සහ නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොවුණහොත්, එම පනත් කෙටුම්පත් දෙකට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ද පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා සිදු කෙරෙනවා.
පෙබරවාරි 06 වැනිදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට කාලය වෙන් කිරීමට තීරණය වී ඇති අතර, එහිදී හේෂා විතානගේ, චමින්ද විජේසිරි, රවී කරුණානායක, ලාල් ප්‍රේමනාත්, රෝහණ බණ්ඩාර, නලින් බණ්ඩාර ජයමහ සහ රවීන්ද්‍ර බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ යෝජනා විවාදයට ගනු ඇති බවයි සඳහන් වන්නේ.

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ