තලවකැලේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක තිරිංග ක්‍රියා විරහිත වීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක්, රියදුරුගේ දක්ෂතාවය මත වළක්වා ගැනීමට හැකිවිය.
අද (26) අලුයම් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්තේන, කඩ්වල මහ වංගුව ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවීමට ගොස් තිබේ.
රියදුරු පවසන පරිදි, වංගුවක් ගැනීමට උත්සාහ කිරීමේදී තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වී රථය පාලනයෙන් ගිලිහී ගිය අතර, ඔහු අත්තිරිංගය භාවිත කරමින් බස් රථය පස් කන්දකට ගැටවීමෙන් නතර කිරීමට සමත් විය.
එම අවස්ථාවේදී බස් රථය තුළ මගින් 70 දෙනෙකු පමණ ගමන් කරමින් සිටියහ. පසුව ඔවුන් වෙනත් බස් රථයකින් ගමන් කිරීමට රියදුරු සහ කොන්දොස්තරවරයා කටයුතු කළහ.
මෙම බස් රථයේ රියදුරු ලෙස කටයුතු කළේ කඩවත ලංගම ඩිපෝවට අනුයුක්ත මහේෂ් සුදශර්න් ය.
අනතුර සම්බන්ධයෙන් ගිනිගත්තේන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)