මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ දේපළ හානි වෙනුවෙන් රජයෙන් පිරිනැමූ රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් නැවත රජයටම භාර දීමේ සුවිශේෂී පුවතක් මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වාර්තා වේ.
මෙම ආදර්ශමත් ක්‍රියාව සිදු කර ඇත්තේ තමන්ට හිමි වූ රුපියල් ලක්ෂ පහ බැගින් වූ මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ වයෝවෘද්ධ පුරවැසියන් දෙදෙනෙකු විසිනි.තමන්ට වඩා දැඩිව ආපදාවට ලක්ව අසරණ වූ වෙනත් පිරිසකගේ සුබසිද්ධිය උදෙසා එම මුදල් යොදවන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
මෙසේ මහත් මානුෂීය ගුණාංගයක් ප්‍රදර්ශනය කරමින් සිය වන්දි මුදල් අතහැරීමට තීරණය කර ඇත්තේ 152 මාකඩුවාව ප්‍රදේශයේ පදිංචි අසූ හැවිරිදි එච්.එම්.ඒ. රංබණ්ඩා සහ 169 මානිංගමුව ප්‍රදේශයේ පදිංචි අසූදෙහැවිරිදි ආර්.අයි.බී. ඩිංගිරි අම්මා යන දෙදෙනාය. අයහපත් කාලගුණය නිසා ඔවුන්ටද දේපළ හානි සිදුවී තිබූ අතර, ඒ වෙනුවෙන් රජය විසින් තක්සේරු කරන ලද ලක්ෂ පහක මුදල තමන්ට අනවශ්‍ය බව පවසමින් ඔවුන් ලිඛිතව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.
මෙම තීරණය ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එම පරිත්‍යාගශීලීන් පෙන්වා දී ඇත්තේ, සුළි කුණාටුවෙන් තමන්ටද යම් බලපෑමක් එල්ල වුවත් නැවත නැඟී සිටීමට තරම් ශක්තියක් තමන් සතුව පවතින බවයි. මුලින් රජයෙන් ලබා දුන් රුපියල් විසිපන්දහසක අත්තිකාරම් මුදලින් තම නිවාසවල අත්‍යවශ්‍ය අලුත්වැඩියාවන් සිදු කරගත් බවද ඔවුහු පැවසූහ.
මුළු ජීවිතයම අහිමි වී කුසගින්නේ සිටින අන්ත අසරණ පිරිසක් සමාජයේ සිටින බැවින්, මහජනතාවගේ මුදල් වන මෙම රජයේ ප්‍රතිපාදන තමන්ට වඩා විපතට පත් වූවන් වෙනුවෙන් වැය කරන්නේ නම් එය තමන්ට මහත් සතුටක් බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ අත්අඩංගුවට
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් ලද ආදායම
ඉරානයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්
2026 මුල් මාස 03 දී ලංකා IOC සමාගමට බිලියන ගණනක ශුද්ධ ලාභයක්
ඇපල් සමාගමේ නායකත්වයේ වෙනසක්! ටිම් කුක් CEO ධුරයෙන් ඉවත් වෙයි!
සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්
සනත් ජයසූරිය වසර 18ක් පුරා රැකගෙන සිටි වාර්තාවක් සම කළ තිලක් වර්මා
සාම පාගමන වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ මහා සංඝරත්නය දිවයිනට! ‘ආලෝකා’ ත් එයි!
අද කාලගුණය දරුණු වෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට සත් වසරයි
ජපානයට අති ප්‍රබල භූකම්පනයක්? එරට රජයෙන් අනතුරු ඇඟවීමක්
කම්කරු සැමරුමට එක්සත් ජාතික පක්ෂය තිත තබයි