අමෙරිකානු සම්බාධක සහ නාවික අවහිර කිරීම් නොතකා යාත්‍රා කිරීමට උත්සාහ කළ ඉරාන ධජය සහිත “TOUSKA” නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ඇමෙරිකානු නාවික හමුදාව ප්‍රහාර එල්ල කර එය සිය භාරයට ගෙන තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා මෙම පුවත සනාථ කර ඇත.
අඩි 900ක් පමණ දිගින් යුත් මෙම දැවැන්ත නෞකාව හෝමුස් සමුද්‍ර සන්ධිය අසල ඕමාන් බොක්කේදී යාත්‍රා කරමින් තිබියදී USS Spruance නමැති ඇමෙරිකානු යුද නෞකාව විසින් වටලනු ලැබීය.
නෞකාව නතර කරන ලෙසට ලබා දුන් අනතුරු ඇඟවීම් ඉරාන කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ, නාවික හමුදාව නෞකාවේ එන්ජින් කාමරය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර ඇත.
“එය ඔවුන්ට එතරම් හොඳ අත්දැකීමක් වුණේ නැහැ,” යනුවෙන් ප්‍රකාශ කළ ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ දැනට අමෙරිකානු මැරීන් භටයින් නෞකාවට ඇතුළු වී එහි පාලනය නතු කරගෙන ඇති බවයි.

අද ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ග්‍රෙගරි වැවේ සංචාරකයන් රැගත් බෝට්ටුවක් පෙරළෙයි
කැමිලස් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ථ වෙයි
බොරතෙල් මිල යළිත් ඉහළට
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
මත්කුඩු වෙනුවෙන් සිය බිරිඳ විකිණූ අමන සැමියෙක් සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
තිදෙනෙකුට දිවි අහිමි කළ මහරගම ගින්න ගැන තොරතුරු රැසක් එළියට! හිමිකරුම ගිනි තබා ඇති බවට හෙළිවෙයි!
ID ඔෆිස් එක යථා තත්ත්වයට
ජනපති අමරපුර මහා නිකායේ මහා නාහිමි බැහැදකී
ඉන්දීය උප ජනපති සහ ජනපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
අවුරුදු උත්සවයක ගැටුමක්! හතක් රෝහලට!
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්