Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

sri lanka police

පොලිස් සේවයට එක්වීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්

2 days ago

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින දැඩි නිලධාරී හිඟය පියවීම සඳහා අලුතින් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට රජයේ අනුමැතිය හිමිව ඇති බවත්, ඒ අනුව ඊට අදාල මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

මෙම වැඩපිළිවෙළ යටතේ උප පොලිස් පරීක්ෂකවරුන් 1,000ක පමණ පිරිසක් මේ මාසය අවසන් වීමට ප්‍රථම බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ද පොලිස්පතිවරයා සඳහන් කළා.

මීට අමතරව, පොලිස් කොස්තාපල්වරුන් 2,500ක් බඳවා ගැනීම සඳහා වූ ගැසට් පත්‍රය ද මේ වන විට නිකුත් කර ඇති බවයි පොලිස්පතිවරයා මෙහිදී අනාවරණය කළේ.

ගතවූ මාස තුනක කාලය තුළ පමණක් නියමිත වයස් සීමාව ඉක්මවීම හේතුවෙන් නිලධාරීන් 1,200ක් සේවයෙන් විශ්‍රාම ලබා ඇති බවත්, මීට අමතරව විවිධ අසනීප තත්ත්වයන් සහ පෞද්ගලික අවශ්‍යතා මත වයස අවුරුදු 55 සම්පූර්ණ කළ තවත් පිරිසක් විශ්‍රාම යමින් සිටින බවත්, පොලිස්පතිවරයා සඳහන් කළා.

සමස්තයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 40,000ක පමණ හිඟයක් පවතින බවයි පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ.

පවතින නිලධාරී හිඟයට තාවකාලික පිළියමක් ලෙස සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 6,000ක් පමණ මේ වන විටත් පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කර ඇති අතර, ඉදිරියේදී තවත් 4,000ත් 5,000ත් අතර පිරිසක් අනුයුක්ත කිරීමට රජය සැලසුම් කර ඇති බවද පොලිස්පතිවරයා සඳහන් කළා.

සහකාර පොලිස් අධිකාරී (ASP) තනතුර සඳහා අයදුම්පත් රැසක් ලැබී ඇති අතර, ඉදිරියේදී උපසේවා සහකාර පොලිස් අධිකාරී තනතුරට බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බවත්, දැනට සේවයේ නිරත නිලධාරීන් අතරින් 191 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට බඳවා ගැනීමට නියමිත බවත් පොලිස්පතිවරයා සඳහන් කළා.

අවශ්‍ය සේවා කාලය සම්පූර්ණ කළ තවත් 141 දෙනෙකු එම තනතුරට උසස් කිරීම සඳහා වූ අනුමැතියට යොමු කර ඇති බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *