මෝටර් රථ හිමියන් සඳහා ඩිජිටල් රක්ෂණ කාඩ්පත් (Digital Insurance Cards) හඳුන්වා දීම ලබන මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම නව ක්‍රමය ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) සහ පොලිස් දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කරන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙය ජාතික ඩිජිටල්කරණ වැඩපිළිවෙළේ තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස හඳුන්වා දී ඇත.
මෙම නව මුලපිරීම හරහා මෝටර් රථ රක්ෂණ පරිසර පද්ධතිය නවීකරණය කිරීම සහ මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
එමෙන්ම ප්ලාස්ටික් කාඩ්පත් ප්‍රතිස්ථාපනය කිරීමෙන් එය රට පුරා පාරිසරික තිරසාරභාවයට ද දායකත්වය ලබා දෙන බව ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

වෙසක් සතියට අදාළව පාසල් සහ අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන දැනුම්දීමක්
මත්තල ගුවන්තොටුපළේ නව ආයෝජන අවස්ථා සඳහා යෝජනා කැඳවයි
බිහිසුණු බස් අනතුරක්! 11ක් රෝහලට! තනතුර අමතක කර පිහිටට ආ කතානායක (වීඩියෝ)
ගිනිඅවියක් අතැතිව ඉඩම් ආරවුලක් විසඳන්න හැදූ මන්ත්‍රී අර්ච්චුනා
ලොවම බිය ගන්වමින් එල්නිනොත් තත්ත්වයක් ගැන ලෝක කාලගුණ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද ප්‍රංශයට
අද කාලගුණ නිවේදනය
ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර වෙඩි හඬක්! සියල්ලන් කැලඹෙයි!
කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනී! කෝටි 110කට මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට!
මොඩ් වුණ මරදාන (ඡායාරූප)
2027 වසරේ සිට 6 ශ්‍රේණියේ වෙන්න යන වෙනස
ජාතික ඔලිම්පික් කමිටුවට නව සභාපතිවරයෙක්