Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

4 hours ago

ඉරානය සහ අමෙරිකාව අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ, ක්‍රියාත්මක වූ සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණේ කලින් නියම කර තිබූ සටන් විරාම කාලය අවසන් වීමට පැය කිහිපයකට පෙරය.

සිය X සහ Truth Social ගිණුම් හරහා පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්තාන රජය කළ ඉල්ලීමකට අනුව තමන් මෙම තීරණය ගත් බවයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ එරට හමුදා ප්‍රධානියා කළ ඉල්ලීම පරිදි, ඉරාන නායකයින් සහ නියෝජිතයින් එක්සත් සාම යෝජනාවක් ඉදිරිපත් කරන තෙක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර නතර කිරීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *