Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.
එම ව්‍යපෘතිය යටතේ පසුගියදා නවීකරණ කටයුතු ආරම්භ කළ මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර මගී ජනතාවට එම පහසුකම් සලසාදීම අද දින (25) ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, NIO engineering ආයතනය, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධාන ඇතුලු ආයතන රැසක ඒකාබද්ධ සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
නවීකරණ ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් මිලියන තිස් පහක මූල්‍ය පිරිවැයක් දරා ඇත.
පුද්ගලික සමාගමක් නවීකරණ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සිදු කර ඇති අතර මාස හයක කාලයක් තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත්ව සිදු කර තිබේ.
ඒ යටතේ ආරක්ෂක කැමරා පද්ධති, විදුලි ආලෝක පද්ධති, නවීන උපාංග සහිත සනීපාරක්ෂක පහසුකම්, ගොඩනැගිලි සංකීර්ණයේ බාහිර සහ අභ්‍යන්තර තීන්ත ආලේපනය, පරිසර අලංකරණ කටයුතු සිදු කර ඇත.
එමෙන්ම දශක ගණනාවකින් කිසිදු අලුත්වැඩියාවකට ලක් නොවූ වර්ෂ සියයකට අධික ඉපැරණි දුම්රිය ගොඩනැගිල්ලේ වහලය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කර තිබේ.
දේශිය හා විදේශිය මගී ජනතාවට දිවයිනේ සෑම පළාතකටම ගමනාගමන පහසුකම් සපයා ගැනීමට පැමිණෙන මරදාන දුම්රිය ස්ථානය අදියර කිහිපයක් යටතේ නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.
එහි පලමු අදියර මේ යටත් සාර්ථකව අවසන් කර ඇත.
නවීකරණයෙන් පසු දුම්රිය ස්ථාන පරිශ්‍රයේ වැඩිදියුණු කර ඇති පහසුකම් පිලිබඳ සොයා බැලූ අමාත්‍යවරයා ඉදිරි නවීකරණ කටයුතු විධිමත් කිරීමට අදාලව උපදෙස් ලබා දුන්නේය.





2027 වසරේ සිට 6 ශ්‍රේණියේ වෙන්න යන වෙනස
ජාතික ඔලිම්පික් කමිටුවට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්
ඊයේ පීලි පැන්න සාගරිකා අද යළිත් පීලි පනියි
අයිතිකරුගේ නම ගහපු වාහන අංක තහඩු ළඟදීම
2026 වසරේ ඉන්ධන ආනයන වියදම පිළිබඳව මහ බැංකුවෙන් පුරෝකථනයක්
මාල කේස් එක ඉවරයි.. දැන් සම්පූර්ණ අවධානය ක්‍රිකට්වලට.. – භානුක රාජපක්ෂගෙන් X සටහනක්
බක්මහ උළෙලක ගැටුමක් දුරදිග යයි! සහෝදරයා බේරාගන්න ගිය පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට!
ප්‍රවේශම්වන්න! ඔබගේ බැංකු ගිණුම හිස් කරන අලුත්ම ඩිජිටල් ජාවාරම ගැන පොලිසියෙන් රතු නිවේදනයක්!
රාගම වෙළඳසැලකදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට ලැබුණු නියෝගය
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි! මහ බැංකුවෙන් අලුත්ම වාර්තාවක්!