Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද ප්‍රංශයට 

21 minutes ago

ප්‍රංශයේ ලියෝන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) විසින් සංවිධානය කරන “මහජන සන්නිවේදනය උදෙසා වූ පළමුවන ගෝලීය සම්මේලනය” සඳහා සහභාගී වීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී, නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා අද (26) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

2026 අප්‍රේල් මස 28 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වෙන මෙම සම්මේලනයේදී වුට්ලර් මහතා විසින් විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය. එහිදී මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ඇති වූ විවිධ ආපදා තත්ත්වයන් හමුවේ මහජනතාවගේ ආරක්ෂාව සහ සුබසිද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය සහ ඒ සම්බන්ධ සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳව ඔහු ජාත්‍යන්තර නියෝජිතයන් දැනුවත් කිරීමට නියමිතය.

මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ පොලිස් සම්මේලනයක විශේෂ දේශනයක් පැවැත්වීම සඳහා ආරාධනා ලැබූ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම මාධ්‍ය ප්‍රකාශකවරයා වීමේ ගෞරවය ද සහකාර පොලිස් අධිකාරී ෆෙඩ්රික් වුට්ලර් මහතාට හිමි වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *