Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාහන හිමිකරුවන්ට සුබ ආරංචියක්

22 minutes ago

මෝටර් රථ හිමියන් සඳහා ඩිජිටල් රක්ෂණ කාඩ්පත් (Digital Insurance Cards) හඳුන්වා දීම ලබන මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම නව ක්‍රමය ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) සහ පොලිස් දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කරන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙය ජාතික ඩිජිටල්කරණ වැඩපිළිවෙළේ තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස හඳුන්වා දී ඇත.

මෙම නව මුලපිරීම හරහා මෝටර් රථ රක්ෂණ පරිසර පද්ධතිය නවීකරණය කිරීම සහ මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

එමෙන්ම ප්ලාස්ටික් කාඩ්පත් ප්‍රතිස්ථාපනය කිරීමෙන් එය රට පුරා පාරිසරික තිරසාරභාවයට ද දායකත්වය ලබා දෙන බව ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *