ප්‍රංශයේ ලියෝන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) විසින් සංවිධානය කරන “මහජන සන්නිවේදනය උදෙසා වූ පළමුවන ගෝලීය සම්මේලනය” සඳහා සහභාගී වීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී, නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා අද (26) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
2026 අප්‍රේල් මස 28 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වෙන මෙම සම්මේලනයේදී වුට්ලර් මහතා විසින් විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය. එහිදී මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ඇති වූ විවිධ ආපදා තත්ත්වයන් හමුවේ මහජනතාවගේ ආරක්ෂාව සහ සුබසිද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය සහ ඒ සම්බන්ධ සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳව ඔහු ජාත්‍යන්තර නියෝජිතයන් දැනුවත් කිරීමට නියමිතය.
මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ පොලිස් සම්මේලනයක විශේෂ දේශනයක් පැවැත්වීම සඳහා ආරාධනා ලැබූ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම මාධ්‍ය ප්‍රකාශකවරයා වීමේ ගෞරවය ද සහකාර පොලිස් අධිකාරී ෆෙඩ්රික් වුට්ලර් මහතාට හිමි වේ.

වෙසක් සතියට අදාළව පාසල් සහ අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන දැනුම්දීමක්
මත්තල ගුවන්තොටුපළේ නව ආයෝජන අවස්ථා සඳහා යෝජනා කැඳවයි
බිහිසුණු බස් අනතුරක්! 11ක් රෝහලට! තනතුර අමතක කර පිහිටට ආ කතානායක (වීඩියෝ)
ගිනිඅවියක් අතැතිව ඉඩම් ආරවුලක් විසඳන්න හැදූ මන්ත්‍රී අර්ච්චුනා
ලොවම බිය ගන්වමින් එල්නිනොත් තත්ත්වයක් ගැන ලෝක කාලගුණ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
වාහන හිමිකරුවන්ට සුබ ආරංචියක්
අද කාලගුණ නිවේදනය
ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර වෙඩි හඬක්! සියල්ලන් කැලඹෙයි!
කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනී! කෝටි 110කට මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට!
මොඩ් වුණ මරදාන (ඡායාරූප)
2027 වසරේ සිට 6 ශ්‍රේණියේ වෙන්න යන වෙනස
ජාතික ඔලිම්පික් කමිටුවට නව සභාපතිවරයෙක්