Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ට්‍රම්ප් හදිසියේම පාකිස්තාන සංචාරය අවලංගු කරයි

3 hours ago

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් නිරාකරණය කිරීමේ අරමුණින් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා සඳහා පාකිස්තානය වෙත සංචාරය කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය විශේෂ නියෝජිතයන්ට උපදෙස් දී තිබේ.

මෙලෙස සංචාරය අවලංගු කරන ලෙස දැනුම් දී ඇත්තේ ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් යන මහත්වරුන් වෙත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නියෝජිත පිරිස අදාළ සාම සාකච්ඡා සඳහා ඊයේ (25) දිනයේදී පාකිස්තානය බලා පිටත්ව යාමට සූදානමින් සිටියදී ජනාධිපතිවරයා විසින් මෙම හදිසි නියෝගය නිකුත් කර ඇත.

කෙසේ වෙතත්, සංචාරය සඳහා සියලු කටයුතු සූදානම් කර තිබූ පසුබිමක ට්‍රම්ප් විසින් සිය නියෝජිතයින්ට එම ගමන නතර කරන ලෙස ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, කිසිදු සාකච්ඡාවක් සිදු නොවන තත්ත්වයක් තුළ ඒ සඳහා පැය 18ක දීර්ඝ ගුවන් ගමනක යෙදීම අනවශ්‍ය බවයි. ඵලදායී සාකච්ඡාවකට අවස්ථාවක් නොමැති නම් එවැනි සංචාරයකින් පලක් නොවන බව ඔහුගේ අදහස වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *