තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි හිල්ටන් හෝටලයේ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු ප්‍රකාශ කර ඇත.
විමර්ශන නිලධාරීන් හමුවේ ඔහු මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර එම ස්ථානයට කඩා වැදුණු පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණි.
කෙසේවෙතත් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ආරක්ෂිතව ඉවත් කරගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ අතර පසුව වෙඩික්කරු අත්අඩංගුවට ගනු ලැබීය.
වෙඩික්කරු 31 හැවිරිදි කැලිෆෝනියාහි පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති ඔහු විසින් වෙඩි ප්‍රහාර 5ත් 8ත් අතර සංඛ්‍යාවක් සිදුකර ඇති බව ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එමෙන්ම අදාළ සැකකරු ඉහළ අධ්‍යාපනයක් ලැබූ උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ආධුනික වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවෙකු බව වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පුද්ගල ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට
CID නිලධාරීන් මෛත්‍රී වික්‍රමසිංහගේ නිවසට ගිය හේතුව හෙළිවෙයි
හෙට විනාශ කිරීමට සැරසෙන මත්ද්‍රව්‍ය කිලෝ 300
ට්‍රම්ප් හදිසියේම පාකිස්තාන සංචාරය අවලංගු කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට්හි දැවැන්ත වෙනසක්?
සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්
ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්
වෙසක් සතියට අදාළව පාසල් සහ අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන දැනුම්දීමක්
මත්තල ගුවන්තොටුපළේ නව ආයෝජන අවස්ථා සඳහා යෝජනා කැඳවයි
බිහිසුණු බස් අනතුරක්! 11ක් රෝහලට! තනතුර අමතක කර පිහිටට ආ කතානායක (වීඩියෝ)
ගිනිඅවියක් අතැතිව ඉඩම් ආරවුලක් විසඳන්න හැදූ මන්ත්‍රී අර්ච්චුනා