බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34දෙනෙකු තුවාල ලබා තිබේ.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ, අද (28) උදෑසන 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූ සිසුන් කඩිනමින් බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බවය.
ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය නතර කිරීමට රියදුරා බස් රථය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කර ඇත.
අනතුරින් තුවාල ලැබූ ළමුන් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවන බවත්, බගවන්තලාව ප්‍රාදෙශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
අනතුර පිළිබඳව බගවන්තලාව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට
“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි – රාජ්‍ය උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් නිදහස් චත්‍රරස්‍රයේ දී
අද මි.මී. 75ට වැඩි වැසි වැටෙන ප්‍රදේශ
කොළඹට යන එන අයට විශේෂ දැනුම්දීමක්
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන අද විශේෂ සාකච්ඡාවක්
මැගසින් බන්ධනාගාරයේ කලබලයක්! රැඳවියෙකු මරුට! ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට!
වැඩි මිලට කීරි සම්බා විකුණූ වෙළෙඳසැලකට දඩ පනවයි
හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්
79 හැවිරිදි වයෝවෘද්ධ මවගේ ඝාතනයට සැකපිට 67 හැවිරිදි පුද්ගලයෙක් කොටු වෙයි! කරාබු 2 කොල්ල කාලා!
ශ්‍රී ලංකා ක්‍රිකට්හි ශම්මි සිල්වා පරිච්ඡේදය නිමවෙයි? තීරණාත්මක රැස්වීම හෙට
සජබයෙන් එජාපයට ආරාධනයක්
මත්ද්‍රව්‍ය සමග කොටුවූ චීවරධාරීන් ගැන මහජන ආරක්ෂක ඇමති කියූ කතාව