අමෙරිකානු නිදහසේ 250 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින සිව්දින රාජ්‍ය සංචාරයක් සඳහා සඳුදා (27) අමෙරිකාවට පැමිණ තිබෙනවා.
බ්‍රිතාන්‍ය රජු සහ රැජින වොෂින්ටන් ඩී.සී. හි පිහිටි බ්‍රිතාන්‍ය තානාපති නිල නිවසේ පැවැත්වෙන උද්‍යාන සාදයකට සහභාගී වීමට ප්‍රථම, ධවල මන්දිරයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් හමු වී තේ පැන් සංග්‍රහයකට එක් වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මෙම සංචාරය සිදුවන්නේ ඉරානයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් අමෙරිකා – බ්‍රිතාන්‍ය සබඳතා දැඩි ලෙස පළුදු වී ඇති අවධියක වීම විශේෂත්වයක් වනවා.
බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් යුද සහාය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර විවේචනාත්මකව අදහස් දක්වා තිබුණා.
බ්‍රිතාන්‍ය රජු දේශපාලනික වශයෙන් මධ්‍යස්ථව සිටිය යුතු වුව ද, මෙම රාජ්‍ය සංචාරය හරහා දෙරට අතර පවතින නොසන්සුන්තාව සමනය වනු ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

රාජ්‍ය සේවයේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට දැනුම්දීමක්
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඩිජිටල් ඒකකයක්
සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු
මාලදිවයින් ජනපති දිවයිනට
මුදල් අමාත්‍යාංශ ලේකම්ට විරෝධය පළ කරන්න ගිය සුගීෂ්වර ඇතුළු පිරිසට ගොම ප්‍රහාරයක්
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ
හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට
පාසල් බස් රථයක් අනතුරට ලක්වෙයි! සිසුන් 34ක් රෝහල්ගත කරයි!
“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි – රාජ්‍ය උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් නිදහස් චත්‍රරස්‍රයේ දී
අද මි.මී. 75ට වැඩි වැසි වැටෙන ප්‍රදේශ
කොළඹට යන එන අයට විශේෂ දැනුම්දීමක්
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන අද විශේෂ සාකච්ඡාවක්