මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් රජයේ නිල ප්‍රකාශය ලබන මැයි මස 5 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය. මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් මෙම ප්‍රකාශය සිදු කරනු ඇති බවයි.
මේ අතර, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති හර්ෂ ද සිල්වා මහතා ඊයේ ප්‍රකාශ කළේ අදාළ සිද්ධිය ගැන කරුණු විමසීමට කළ කැඳවීම භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් ලිපියක් මඟින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
කෙසේ වෙතත්, අද (30) පස්වරු 1:00ට ලේකම්වරයා ඇතුළු උසස් නිලධාරීන් කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බව පසුව වාර්තා විය.
මෙම මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය අවධාරණය කළේ භාණ්ඩාගාර ලේකම්වරයා කාරක සභාව හමුවේ පෙනී සිටීම කිසිසේත් ප්‍රතික්ෂේප කර නොමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි
බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයි
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!
දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ
මුදල් කාරක සභාවට එන්න බෑ – මුදල් ලේකම් කියයි
සිංගර් වෙතින් දැවැන්ත ආයෝජනයක්