Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි

28 minutes ago

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදු වූ බව කියන දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩු හතරක තීන්දුව ප්‍රකාශ කිරීම කොළඹ මහාධිකරණය විසින් ලබන මැයි මස 26 වනදා දක්වා කල්තබන ලදී.

මෙම නඩුවල තීන්දු අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, විනිසුරුවරයා විවෘත අධිකරණයේ නිවේදනය කළේ තීන්දු ප්‍රකාශයට පත් කිරීම එළඹෙන මැයි 26 වනදා දක්වා කල්තබන බවයි.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී, එම මණ්ඩලය සඳහා කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට විශාල මූල්‍යමය පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩු හතර ගොනු කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *