Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්‍යක්ෂවරයා අබිරහස් ලෙස මරුට

49 minutes ago

මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතා අබිරහස් ලෙස මියගොස් තිබේ.

ඔහුගේ මළසිරුර කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී හමුවී ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් පොලිසිය දැනුවත් කර තිබේ.

ඒ අනුව මේ වනවිට පොලිසිය අදාළ ස්ථානය වෙත ගොස් මූලික විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේවෙතත් කවුරුන් විසින් හෝ මොහුව ඝාතනය කළේද ? එසේ නොමැතිනම් සියදිවි හානි කරගත්තේද ? හෝ අත්වැරදීමකින් පාදයේ නහරයක් කැපී යෑම හේතුවෙන් මියගියේද ? යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ අතර රංග නිශාන්ත මහතා ද ඒ අතර විය.

මියයන විට රංග නිශාන්ත මහතා තරුණ වියේ පසු වූ නිලධාරියෙකි. ඔහු කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකු ලෙස උපාධිය ලබා මුදල් අමාත්‍යාංශයේ වගකිවයුතු තනතුරක් දරමින් සිටියේය.

(source -ada derana)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *