Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර

6 hours ago

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (12) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පවත්වනු ලැබීය.

කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) අධිකරණයට දන්වා සිටියේ මරණකරුගේ ජංගම දුරකථනය ‘මුහුණ හඳුනා ගැනීමේ’ (Face ID) තාක්ෂණයෙන් ආරක්ෂා කර ඇති බැවින් එය විවෘත කිරීමට නොහැකි වී ඇති බවයි. ඒ අනුව අදාළ දුරකථනය නිෂ්පාදිත සමාගම වෙත යොමු කර දත්ත ලබා ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

මීට අමතරව, මරණකරුගේ ලේ සාම්පල් සහ අපරාධ ස්ථානයේ තිබී සොයාගත් ගෙල බැඳි පටිය (Neck strap) රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද නියෝග කෙරුණි.

මහෙස්ත්‍රාත්වරයා මෙහිදී විශේෂ ප්‍රශ්නයක් යොමු කරමින්, සිද්ධිය වූ ස්ථානයේ තිබූ හඳුනා නොගත් ඖෂධ වර්ග පිළිබඳව විමසීය. එම ඖෂධ පශ්චාත් මරණ පරීක්ෂණය කළ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කළ බවත්, ඉදිරියේදී ඒවා රස පරීක්ෂක වෙත යොමු කරන බවත් පොලීසිය සඳහන් කළේය.

විමර්ශනවලට අදාළව හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳගෙන් සාක්ෂි සටහන් කර ගැනීම ද මෙහිදී සිදු විය. වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 14 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *