ගත වූ පැය 22 තුළ වැඩිම වර්ෂාපතනය වූ මි.මී 204ක අගයක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩට මි.මී 145.5ක් සහ වතුපිටිවලට මි.මී 105.5ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
මේ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලිමලේ ප්‍රදේශයට මි.මී 121ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගමට මි.මී 102.5ක් සහ හොරණට මි.මී 101.5ක වැස්සක් ලැබී ඇත.
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අතර, බස්නාහිර, සබරගමුව පළාත්වලට, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනය තුළ ද මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව සඳහන්ය.
දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බවද කාලගුණ අංශ නිවේදනය කරයි.
උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති වේ.

අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල ගැන ජනපති දුන් ඉඟිය
ප්‍රධාන පාසලක් තුළ පිහි ඇනුමක්! සිසුන් 5ක් රෝහලට!
කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි
අටමස්ථානාධිපති හිමි ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර
දුස්ත්රික්ක කිහිපයකට මි.මී 200 ඉක්ම වූ ඉතා තද වැසි
ඉදිරි දේශපාලන ගමන ගැන හර්ෂ ද සිල්වාගෙන් තීරණාත්මක ෆේස්බුක් සටහනක්
කොට්ටාව නගරයට මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්
හිටපු ඇමති මනුෂගේ වත්කම් බැරකම් ගැන හොයන්න පටන් ගනී
ජනපති අනුරට තමිල්නාඩු නව මහ ඇමති විජේගෙන් තුති