ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (12) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පවත්වනු ලැබීය.
කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) අධිකරණයට දන්වා සිටියේ මරණකරුගේ ජංගම දුරකථනය ‘මුහුණ හඳුනා ගැනීමේ’ (Face ID) තාක්ෂණයෙන් ආරක්ෂා කර ඇති බැවින් එය විවෘත කිරීමට නොහැකි වී ඇති බවයි. ඒ අනුව අදාළ දුරකථනය නිෂ්පාදිත සමාගම වෙත යොමු කර දත්ත ලබා ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නේය.
මීට අමතරව, මරණකරුගේ ලේ සාම්පල් සහ අපරාධ ස්ථානයේ තිබී සොයාගත් ගෙල බැඳි පටිය (Neck strap) රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද නියෝග කෙරුණි.
මහෙස්ත්‍රාත්වරයා මෙහිදී විශේෂ ප්‍රශ්නයක් යොමු කරමින්, සිද්ධිය වූ ස්ථානයේ තිබූ හඳුනා නොගත් ඖෂධ වර්ග පිළිබඳව විමසීය. එම ඖෂධ පශ්චාත් මරණ පරීක්ෂණය කළ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කළ බවත්, ඉදිරියේදී ඒවා රස පරීක්ෂක වෙත යොමු කරන බවත් පොලීසිය සඳහන් කළේය.
විමර්ශනවලට අදාළව හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳගෙන් සාක්ෂි සටහන් කර ගැනීම ද මෙහිදී සිදු විය. වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 14 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.

අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල ගැන ජනපති දුන් ඉඟිය
ප්‍රධාන පාසලක් තුළ පිහි ඇනුමක්! සිසුන් 5ක් රෝහලට!
කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි
අටමස්ථානාධිපති හිමි ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
ගෙවී ගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑවට
දුස්ත්රික්ක කිහිපයකට මි.මී 200 ඉක්ම වූ ඉතා තද වැසි
ඉදිරි දේශපාලන ගමන ගැන හර්ෂ ද සිල්වාගෙන් තීරණාත්මක ෆේස්බුක් සටහනක්
කොට්ටාව නගරයට මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්
හිටපු ඇමති මනුෂගේ වත්කම් බැරකම් ගැන හොයන්න පටන් ගනී
ජනපති අනුරට තමිල්නාඩු නව මහ ඇමති විජේගෙන් තුති