Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අටමස්ථානාධිපති හිමි ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

6 hours ago

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව බාලවයස්කාර දැරියකට ලිංගික හිංසනයක් සිදුකිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

අද (12) දින නඩුව කැඳවූ අවස්ථාවේදී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ, සැකකාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටින බැවින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට තමන්ට නෛතික හැකියාවක් නොමැති බවයි. කොළඹ අධිකරණයේ නියෝගයකට අනුව උන්වහන්සේ බන්ධනාගාරගත කර ඇති බැවින්, එම නියෝගය දීර්ඝ කළ යුත්තේ ද එම අධිකරණයෙන්ම බව මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

සැකකාර හිමියන් අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළහ. එහි සඳහන් වූයේ උන්වහන්සේ දුර බැහැර ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බවත්, විශේෂ පරීක්ෂණ කිහිපයකට භාජනය වීමට ඇති බවත්ය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස තීන්දු ලබාදී ඇති බවට චෝදනා කළේය. මේ අතර නිට්ටඹුව පොලීසිය අධිකරණයට දන්වා සිටියේ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බැවින් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා පවසා සිටියේ, බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව හේමරතන හිමියන්ව මැයි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය පියවර ගත් බවයි.

(source – news19)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *