අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, 2026 වර්ෂය සඳහා වන වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසාන දිනය ජූනි මස 30 වැනිදා බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
මෙවර ක්‍රියාවලියේ ඇති විශේෂත්වය වන්නේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් සියලුම ප්‍රකාශයන් ඩිජිටල් ක්‍රමවේදය (e-Assets Format) ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු වීමයි.
එසේම අතින් සම්පූර්ණ කරන ලද (Manual) ප්‍රකාශයන් භාර නොගන්නා බව කොමිෂන් සභාව අවධාරණය කරනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ciaboc.gov.lk වෙත පිවිසීමෙන් විද්‍යුත් ක්‍රමයට තම ප්‍රකාශනය ඇතුළත් කළ හැකියි.
ජූනි මස අවසාන දිනවලදී පද්ධතියට (System) එකවර විශාල පිරිසක් පිවිසීම හේතුවෙන් ජාලයේ තදබදයක් ඇති විය හැකි බැවින්, අවසාන මොහොත වන තෙක් ප්‍රමාද නොවී කල්තියා ලියාපදිංචි වන ලෙස එම කොමිෂන් සභාව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
නියමිත දිනට වත්කම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් වන අතර, දූෂණ විරෝධී පනතේ (ACA) විධිවිධාන ප්‍රකාරව ජූනි 30 වැනිදාට පසු ප්‍රකාශ ඉදිරිපත් කරන්නන් සඳහා අධිභාරයකට (Surcharge) යටත් වීමට සිදුවෙනවා.
මීට අමතරව අනෙකුත් නෛතික පියවරයන්ද ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාව සූදානමින් සිටින බවටයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
රාජ්‍ය අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් වගකිවයුතු නිලධාරියෙකු ලෙස අදම ඔබේ විද්‍යුත් වත්කම් ප්‍රකාශනය (E-Declaration) සම්පූර්ණ කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටිනවා.

සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!
බොරතෙල් මිල යළි ඉහළට
IMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකය
ධාරානිපාත වැසි ගෙනා අඩු පීඩන කලාපයේ බලපෑම තවදුරටත්! කාලගුණයෙන් නවතම නිවේදනයක්!
ආපදා මරණ ගණන ඉහළට
කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ! නිවසේ මෙහෙකාරියගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව මුද්දරයක්
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ