Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ ඉන්දියාවේ සංචාරයක

20 hours ago

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටිති.

මන්ත්‍රීවරියන් මෙම සංචාරයේ නිරත වන්නේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයකට අනුවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා දිගුකාලීන පාර්ලිමේන්තු, සංස්කෘතික සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, කාන්තා සවිබල ගැන්වීම, පාර්ලිමේන්තු කටයුතු, සමාජ සංවර්ධනය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී පාලනයට ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී සරෝජා පෝල්රාජ්, රෝහිණී කුමාරි විජේරත්න, ඔෂානි උමංගා, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, නීතිඥ ඒ.එම්.එම්. රත්වත්තේ, නීතිඥ හසාර ලියනගේ, අම්බිකා සාමිවෙල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නීතිඥ ගීතා හේරත් මහත්මීහු මෙම සංචාරයට එක්ව සිටිති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *