2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක්
2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගිය අතර, එය 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් සනිටුහන් කරයි. මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 9.87% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 1,063.77ක් ලෙස වාර්තා වූ අතර, සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 317.16ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එමගින් මෙරට සමස්ත අපනයන කාර්යසාධනය මෙහෙයවීමෙහිලා සේවා අංශයේ වර්ධනය වන වැදගත්කම සහ අපනයන ක්ෂේත්‍රයේ පවතින ශක්තිමත්භාවය මැනවින් පිළිබිඹු වන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධනය නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,784.38ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 4.3% ක වර්ධනයකි. මෙම කාලසීමාව තුළ භාණ්ඩ අපනයන ආදායම 4.8% ක වර්ධනයක් සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 4,524.62ක් වූ අතර, සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,259.76ක් දක්වා ඉහළ ගොස් ඇත. අභියෝගාත්මක ගෝලීය ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද අත්පත් කරගත් මෙම ප්‍රගතිය හරහා මෙරට අපනයන අංශයේ පවතින ස්ථාවරත්වය සහ ශක්තිමත්භාවය මෙන්ම දැනුම මත පදනම් වූ ආර්ථිකයේ වර්ධනය වන වැදගත්කම මැනවින් පිළිබිඹු වේ.

උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා එක්දින (ODI) සහ විස්සයි විස්ස කණ්ඩායම්වල වෙනසක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්