Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සතර නිර්මාතෘ දිවිසැරිය නිම කරයි

16 minutes ago

සතර සමූහ සේවාවේ නිර්මාතෘ සතර ප්‍රධාන කර්තෘ කේ.ඩී. චන්ද්‍රසෝම පෙරේරා මහතා ඊයේ (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට එතුමා 82 වන වියේ පසු වුණා.

එතුමාගේ දේහය නො. 8/2, මෙල්ඩර් පෙදෙස, නූගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර ආදාහන කටයූතු ජූනි මස 02 වන අඟහරුවාදා ප.ව. 4.00ට බොරැල්ල පොදූ සූසාන භූමියේදී සිදුකිරීමටනියමිත බව දැනුම් දී තිබෙනවා.

චන්ද්‍රසෝම පෙරේරා මහතා ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ, විශේෂයෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ ගණිතය විෂය සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධ ප්‍රවීණ ගුරුවරයෙක්, කතුවරයෙක් මෙන්ම ඔහු ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙක්.  

සතර ප්‍රකාශන යනු ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් වෙනුවෙන් අතිරේක පොත්පත් ප්‍රශ්න පත්‍ර සහ වැඩපොත් මුද්‍රණය කර බෙදාහරින ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනික ප්‍රකාශන ආයතනයක් වන අතර විශේෂයෙන්ම 1 ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) දක්වා විවිධ විෂයන්ට අදාළ පොත්පත් මොවුන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි.  

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ශ්‍රේණිවල (විශේෂයෙන්ම ශිෂ්‍යත්ව) අධ්‍යාපනය ලබන දරුවන්ගේ ගණිත, සිංහල සහ පොදු දැනුම වර්ධනය උදෙසා චන්ද්‍රසෝම පෙරේරා මහතා සහ සතර ප්‍රකාශන ආයතනය එක්ව විශාල මෙහෙවරක් ඉටුකරනු ලැබුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *