Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් 10ක් දිවයිනට ළඟා වෙයි

17 minutes ago

අමෙරිකානු එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා දහය මේ වන විට මුහුදු මාර්ගයෙන් දිවයිනට ළඟා වී තිබෙනවා.

මෙම නව යානා එකතුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිගුකාලීන මෙහෙයුම් අවශ්‍යතා සපුරාලමින් එහි සමස්ත බලඇණිය ශක්තිමත් කිරීමට ලැබුණු සුවිශේෂී දායකත්වයක්.

දිවයිනට ළඟා වූ මෙම හෙලිකොප්ටර් යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී එකලස් කෙරෙන අතර, ඉදිරි දින කිහිපය තුළ අවශ්‍ය තාක්ෂණික පරීක්ෂණ අවසන් කිරීමෙන් අනතුරුව නිල මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට නියමිතයි.

මෙම යානා ප්‍රධාන වශයෙන්ම ගුවන් නියමු පුහුණුව, ආපදා ප්‍රතිචාර මෙන්ම සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් (SAR) ඇතුළු විවිධ මානුෂීය කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *