අමෙරිකානු එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා දහය මේ වන විට මුහුදු මාර්ගයෙන් දිවයිනට ළඟා වී තිබෙනවා.
මෙම නව යානා එකතුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිගුකාලීන මෙහෙයුම් අවශ්‍යතා සපුරාලමින් එහි සමස්ත බලඇණිය ශක්තිමත් කිරීමට ලැබුණු සුවිශේෂී දායකත්වයක්.
දිවයිනට ළඟා වූ මෙම හෙලිකොප්ටර් යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී එකලස් කෙරෙන අතර, ඉදිරි දින කිහිපය තුළ අවශ්‍ය තාක්ෂණික පරීක්ෂණ අවසන් කිරීමෙන් අනතුරුව නිල මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට නියමිතයි.
මෙම යානා ප්‍රධාන වශයෙන්ම ගුවන් නියමු පුහුණුව, ආපදා ප්‍රතිචාර මෙන්ම සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් (SAR) ඇතුළු විවිධ මානුෂීය කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂිතයි.

ආනයන සීමා පනවනවාද? මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්
ලිට්රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරය තවත් ඉහළට
ඉන්ධන සහනාධාරය තවත් දෙන්න බෑ – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති
ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තහනම් කරමින් ගැසට් එකක්
වැසි තත්ත්වයේ වෙනසක්
ගැබිනි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්
පෞද්ගලික බස් රථ වර්ජනයක්?
වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්