Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආනයන සීමා පනවනවාද? මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

14 minutes ago

ආනයන සීමා පැනවීමක් කිසිසේත් සිදුනොවන බවත්, ඉතිහාසයේ සිදු කළ ආනයන සීමා හරහා ආර්ථිකයට යහපතක් අත් වී නොමැති බවත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඊයේ රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනක් හා එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කළේය. ආනයන සීමා නොකිරීම, රජය එකග වී ඇති ප්‍රතිපත්තියක් බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

වැඩසටහන අතරවාරයේ දී ‘ආනයන සීමා විසඳුමක් ද?‘ යනුවෙන් යොමුකළ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“ඒක අපි ඉතිහාසයේත් උත්සාහ කරලා තියෙනවානේ. ඒකෙන් ආර්ථිකයට යහපතක් වෙලා නැහැ. ඒක තමයි මගේ කෙටි උත්තරය. මෝටර් රථ ආනයනය ගත්තොත්, රටේ ආර්ථිකයක් වර්ධනය වෙන කොට, අපි අපනයන වර්ධනය කරන්න ඕන. අපනයන වර්ධනය කරන්න නම්, අපනයන කර්මාන්තයට වාහන ඕනේ. කර්මාන්තයේ වැඩකරන අයට මෝටර් සයිකල් ඕනේ. කර්මාන්තයේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න වෙළෙඳ වාහන ඕනේ. අපනයන වර්ධනය කරන්න ඕනේ නම් ඒකට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයක් තමයි වාහන කියන්නේ. එතකොට අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද, අපනයන කර්මාන්තයට හානියක් නොවී ආනයන සීමා කරන්න? ගොඩාක් තර්කයක් තමයි ටයිල්ස් සීමා කරන්න ඕනේ කියන එක. අපනයන කර්මාන්තයේ යෙදෙන කෙනා යම්කිසි කර්මාන්ත ශාලාවක් හදන කොට එයාටත් ටයිල්ස් ඕනේ. එයාගේ ටයිල් එකේ මිල වැඩිවෙනවා කියන්නේ අපනයන කර්මාන්තයට කරන පහරක් ඒක. ඒගොල්ලන්ගේ තරඟකාරීත්වය අඩුකරන වැඩක්. එතකොට අපි ජාත්‍යන්තර වෙළෙඳාම ප්‍රවර්ධනය කරන රටක් නම් ආනයන සීමා කිරීම තුළින් ජාත්‍යන්තර වෙළෙඳාම ප්‍රවර්ධනය කරන්න කවදාවත්ම බැහැ. කොහේ රටකවත් ඒක වෙලාත් නැහැ, වෙන්නේත් නැහැ. ඒක වැරදි මතයක්. ඒකෙන් කරන්න පුළුවන් එකම දේ, දේශීයව වෙළෙඳාම විතරක් කරගන්න පුළුවන් රට ඇතුලේ. ඒකෙන් මේ රටට විසඳුමක් වෙන්නේ නැහැ.“

“පැහැදිලිව කරන්න ඕනේ, ආනයන සීමා කරන්නේ නැහැ. රජය මේකේ (IMF වෙත) අත්සන් කරලා දීපු ලියුමේ තියෙන දෙයක් තමයි, මේක සීමා කරන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය, මේකේ commitment එකක් තියෙනවා, සීමා කරන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි බය වෙලා මේ වෙලාවේ වැඩි බද්දට හරි වාහන ගනිමු කියලා ගියොත්, විනිමය අනුපාතය 350ට ගත්ත අයට වෙච්ච වැඩේ තමයි මෙකෙත් වෙන්නේ.“ 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *