Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය පිරිස තවත් ඉහළට

10 hours ago

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් දරුණු ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව, පෙරේදා (03) දිනයේදී අදාළ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානය තුළ හටගත් මෙම ඛේදනීය සිදුවීමෙන් මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 13ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම දරුණු අනතුරෙන් තවත් පුද්ගලයන් පස්දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *