Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සහකාර බැංකු කළමනාකරුවෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

9 hours ago

හොරණ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුන හමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමණාකරුවකු සහ ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මංකොල්ලය පෙරේදා පස්වරු 02.50 ත් 02.55ත් අතර කාලය තුළදී සිදුවුණා.

බැංකුවේ සහකාර කළමනාකරු විසින් වෙනත් සේවා මධ්‍යස්ථාන දෙකක් වෙත රැගෙන යාම සඳහා සකස් කළ මුදල් මලු, ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟ බැංකුවෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදී බැංකු පරිශ්‍රය තුළදීම පා ගමනින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙලෙස කොල්ලකා පලා ගොස් තිබෙනවා.

සිද්ධිය පිළිබඳව ආරක්ෂක නිලධාරීන් විසින් බැංකු කළමනාකරු දැනුවත් කිරීමෙන් පසු ඔහු වහාම ක්‍රියාත්මක වී බැංකු පරිශ්‍රයෙන් පිටත පරීක්ෂා කර ඇතත්, කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු හඳුනා ගැනීමට නොහැකි වී ඇති අතර, බැංකු කළමනාකාරීත්වය විසින් මේ පිළිබඳව වහාම 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *