Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාහන අංක තහඩු මුද්‍රණය අද සිට යළි ඇරඹේ

10 hours ago

ටෙන්ඩර් ක්‍රියාවලියේ පැවති ගැටලු හේතුවෙන් 2025 මැයි මාසයේ සිට වසරකට අධික කාලයක් අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු අද (08) දින සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී මෙම කටයුතු අද පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ කෙරිණි.

පසුගිය වසරේ මැයි මාසයේ සිට මෙම සේවාව අත්හිටුවා තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වාහන හිමියන් විශාල පිරිසකට අංක තහඩු ලබාගැනීමේ අපහසුතාවලට මුහුණ දීමට සිදුවිය.

පවතින ගැටලු විසඳීම සඳහා මෙම වසරේ (2026) මාර්තු මාසයේදී රජය විසින් අදාළ ගිවිසුමට එළඹීමෙන් පසු, අවශ්‍ය පියවර ගැනීමෙන් අනතුරුව මුද්‍රණ කටයුතු යථා තත්ත්වයට පත් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *