Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පින්නදූව අධිවේගී පිවිසුමේ බිහිසුණු අනතුරක්! පිරිසක් රෝහලට!

18 minutes ago

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (08) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේදී අනතුරට ලක්ව තිබේ.

පින්නදූව පිවිසුමෙන් පිටවීමට උත්සාහ කළ අවස්ථාවේදී බස් රථය පාලනය කරගත නොහැකිව කොන්ක්‍රීට් බැම්මක ගැටී ඇත.

අනතුරින් මගීන් දස දෙනෙකු (10) තුවාල ලබා ඇති අතර, ඔවුන් අධිවේගී මාර්ගයේ හදිසි අනතුරු ගිනි නිවීම් සහ ජීවිත ගලවා ගැනීමේ ගුවන් හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව කඩිනමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබේ.

බස් රථයේ තිරිංග අක්‍රිය වීම (Brake Failure) අනතුරට හේතු වන්නට ඇතැයි පොලිසිය මූලික විමර්ශනවලදී සැක පළ කරයි.

අනතුර හේතුවෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර, අධිවේගී මාර්ගයේ පිවිසුමට සහ ඒ ආශ්‍රිත දේපළවලට ද අලාභහානි සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් පවත්වනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *