Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය

28 minutes ago

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ සිදුවන විමර්ශන කිසිදු හේතුවක් මත නැවැත්වීම නොකළ යුතු බව මෙරට කතෝලික සභාව පවසයි.

කොළඹ අගරදගුරු මැදුරේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ගරු සිරිල් ගාමිණි පියතුමන් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුවන්ට සිදුවන අමානුෂික ක්‍රියා වැළැක්වීම සඳහා එම පනත සංශෝධය කිරීම හෝ සම්පූර්ණයෙන් අහෝසි කිරීම සිදුකළ යුතු බවයි.

“සමාජ මාධ්‍ය ඔස්සේ කියවෙන්න පටන් අරන් තියෙනවා, ගාමිණී පියතුමාට විරුද්ධව සුරේෂ් සලේ මහත්මයා අපහාස නඩුවක් ගොනු කරලා තියෙනවා. වන්දි ඉල්ලලා තියෙනවා. ඒ අපහාස නඩුව දැන් ඇහෙමින් පවතිනවා. මේකේ වන්දිය ගෙවන එක නවත්තගන්න. මේ නඩුව අඩාල කරන්න, කඩාකප්පල් කරන්න තමයි මේ සලේ මහත්මයාව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කියලා. මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. විමර්ශන වලින් හෙළිදරව් වෙච්ච සාක්ෂි පදනම් කරගෙන. ප්‍රශ්නයක් තිබුණා. මේ බෝම්බකරුවන් පිටුපස කුමන්ත්‍රණයක් තිබුණාය කියන එක. ඒක සොයාගැනීම, ඒක වින්දිතයන්ගේ අයිතියක්. කිසිම විදියකින්, කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයන් හෝ මේ විමර්ශන වලට ඇඟිලි ගහන්න ඕනේ නැහැ.”

“එතන තියන ප්‍රශ්නේ තියෙන්නේ PTA එක සම්බන්ධයෙන්නේ. ඒක හරි ද? වැරදිද? සාධාරණද, අසාධාරණද? මානුෂිකද? අමානුෂිකද කියන එක වෙනම එකක්. අපිත් දකිනවා ඒකේ අමානුෂික පැති තියෙනවා. ඒ නිසා ඒ නීතිය එක්කෝ සංශෝධනය වෙන්න ඕනේ. නැත්නම් සම්පූර්ණයෙන් ඉවත් වෙන්න ඕනේ.” 

ප්‍රශ්නය – මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉස්ලාම් අන්තවාදීන් හිටියයි කියන එක ඔබතුමාලා සෘජුවම පිළිගන්නවාද? නැත්නම් මේක ප්‍රතික්ෂේප කරනවා ද?

“සහරාන් සහ කණ්ඩායම ඒගොල්ලන්ගේ ඉස්ලාම් අන්තවාදී මතයක් සනාථ කරගන්න මරාගෙන මැරුනේ. ඒ මරාගෙන මැරුණම ඔවුන්ට ස්වර්ග රාජ්‍යයට යන්න පුළුවන් කියන ඒ අන්තවාදී මතය නිසා තමයි ඒගොල්ලන්ට ඕන වුණේ මරාගෙන මැරීම සිදු කරන්න. නමුත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ ඒ අයව ආරක්ෂා කරන්න සහ පෝෂණය කරන්න සහ මේ බෝම්බ පිපිරීම් සිදු කරන්න කවුද අනුබල දුන්නේ? ඉතින් ඒක විමර්ශනය කරලා හොයාගන්න ඕන දෙයක්.” 

ප්‍රශ්නය – ජනාධිපතිවරයා ගිය අවුරුද්දේ මාර්තු මේ ප්‍රකාශයක් කරලා තියෙනවා මේ අප්‍රේල් 21ට කලින් මේ මහ මොළකරු හෙළි කරනවා කියලා. එතකොට මේ ඒ ගැනත් ඔබතුමාලා ජනාධිපතිවරයාගෙන් විමසුවාද?

“නෑ නෑ. අපි කියන්නේ දින වකවානු දෙන්න කියන එක නෙමෙයි. අපි බලන්නේ මේ විමර්ශන නීත්‍යානුකූලව අපක්ෂපාතීව කරගෙන ගිහිල්ලා අවසානයේදී ඒක අධිකරණයෙන්නේ ඉවර වෙන්න ඕනේ. එතකොට ඒ ක්‍රියාවලිය කරන්න කියලා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *