හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර ඇති අයථා වත්කම් උපයැවීමේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාග කිරීම ලබන ජූනි මස 25 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (08) නියෝග කළා.
අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමය තුළ තමන්ගේ නිත්‍යානුකූල ආදායම ඉක්මවා යමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ නැවත විභාගයට ගැනුණා.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවී මහතාගේ මෙහෙයවීම මත පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරනු ලැබූ අතර, අනතුරුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා විසින් නඩුව කල් තැබීමේ නියෝගය ප්‍රකාශ කළා.
2010 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලසීමාව තුළදී සිය නීත්‍යානුකූල ආදායම අභිබවා යමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින්, පසුගිය යහපාලන රජය සමයේදී අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මහතාට විරුද්ධව මෙම අධිචෝදනා පත්‍ර ගොනු කර තිබුණා.

සංඝ කතිකාවතක් ගැන මල්වතු මහ නාහිමිගෙන් ප්‍රකාශයක්
පින්නදූව අධිවේගී පිවිසුමේ බිහිසුණු අනතුරක්! පිරිසක් රෝහලට!
මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි – විකල්ප මාර්ග ගැනත් දැනුම්දීමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් කරයි
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කරයි
අධ්‍යාපනවේදී උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිකළ සත්යග්රහ අට්ටාලය පොලිසිය ඉවත් කරයි
දිවයින වටා මුහුද රළු වෙයි
සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිඳගෙන් අනාවරණයක්
රට විරුවන්ගේ ඩොලර් ලැබීම් ඉහළට
අද ඩොලරයේ විකුණුම් මිල