Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විමල් වීරවංශගේ නඩුවකට අද දුන් නියෝගය

4 hours ago

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර ඇති අයථා වත්කම් උපයැවීමේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාග කිරීම ලබන ජූනි මස 25 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (08) නියෝග කළා.

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමය තුළ තමන්ගේ නිත්‍යානුකූල ආදායම ඉක්මවා යමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ නැවත විභාගයට ගැනුණා.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවී මහතාගේ මෙහෙයවීම මත පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරනු ලැබූ අතර, අනතුරුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා විසින් නඩුව කල් තැබීමේ නියෝගය ප්‍රකාශ කළා.

2010 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලසීමාව තුළදී සිය නීත්‍යානුකූල ආදායම අභිබවා යමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින්, පසුගිය යහපාලන රජය සමයේදී අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මහතාට විරුද්ධව මෙම අධිචෝදනා පත්‍ර ගොනු කර තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *