Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි – විකල්ප මාර්ග ගැනත් දැනුම්දීමක්

22 minutes ago

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ගිරිඋල්ල පොලිස් වසමේ පිහිටි මා ඔයේ ජල පහරට ගසා ගෙන එන ලද උණ පඳුරු, ගස් මුල් ආදිය මා ඔය පාලමේ සිරවීම හේතුවෙන් එම සුන්බුන් ඉවත් කිරීම හෙට (09) සිදුකරන බවට නිට්ටඹුව මාර්ග සංර්වධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය විසින් දැනුම් දී ඇත.

ඒ අනුව, හෙට දින උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ මෙම සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බැවින් මා ඔය පාලම මතින් ගමන් ගන්නා සියළුම රථවාහන සඳහා විකල්ප මාර්‌ග භාවිතා කරන ලෙස රියැදුරන් හා මහජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටියි.

ඒ සඳහා භාවිතා කළයුතු විකල්ප මාර්ග පහත පරිදි දක්වා තිබේ.

පන්නල දෙස සිට ගිරිඋල්ල පාලම හරහා කොළඹ 05 මාර්‌ගයට පිවිසෙන රථවාහන – බෝපිටිය, මැල්ලවලාන හන්දියෙන් කොටදෙනියාව මාර්‌ගය ඔස්සේ කොළඹ 05 මාර්‌ගයට ඇතුළුවීම.

කුරුණෑගල දෙස සිට කොළඹ 05 මාර්ගයට පිවිසෙන රථවාහන – මාහරගම, බෝයවලාන හන්දිය, නවතල්වත්ත, අඹේපුස්ස, කණ්ඩලම හරහා ගිරිඋල්ල මාර්‌ගයට පිවිස හද්දමුල්ල හන්දියෙන් කොළඹ 05 මාර්‌ගයට පිවිසිය හැකිය.

කොළඹ දෙස සිට ගිරිඋල්ල පාලම හරහා කුරුණෑගල දෙසට හා ගිරිඋල්ල නගරයට පැමිණෙන රථවාහන – හද්දමුල්ල හන්දියෙන් මිරීගම මාර්‌ගයට පිවිස කණ්ඩලම, අඹේපුස්ස ගොවිපොල, නවතල්වත්ත, බෝයවලාන, මාහරගම හරහා කුරුණෑගල මීගමුව මාර්‌ගයට පිවිසිය හැකිය.

කොළඹ, නිට්ටඹුව දෙස සිට මීගමුව මාර්ගයට පැමිණෙන රථවාහන – කොටදෙනියාව ඔරලෝසු කණුව අසළින් මැල්ලවලාන මාර්‌ගය භාවිතා කර මීගමුව මාර්‌ගයට පිවිසිය හැකිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *