මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (08) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේදී අනතුරට ලක්ව තිබේ.
පින්නදූව පිවිසුමෙන් පිටවීමට උත්සාහ කළ අවස්ථාවේදී බස් රථය පාලනය කරගත නොහැකිව කොන්ක්‍රීට් බැම්මක ගැටී ඇත.
අනතුරින් මගීන් දස දෙනෙකු (10) තුවාල ලබා ඇති අතර, ඔවුන් අධිවේගී මාර්ගයේ හදිසි අනතුරු ගිනි නිවීම් සහ ජීවිත ගලවා ගැනීමේ ගුවන් හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව කඩිනමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබේ.
බස් රථයේ තිරිංග අක්‍රිය වීම (Brake Failure) අනතුරට හේතු වන්නට ඇතැයි පොලිසිය මූලික විමර්ශනවලදී සැක පළ කරයි.
අනතුර හේතුවෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර, අධිවේගී මාර්ගයේ පිවිසුමට සහ ඒ ආශ්රිත දේපළවලට ද අලාභහානි සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් පවත්වනු ලබයි.

සංඝ කතිකාවතක් ගැන මල්වතු මහ නාහිමිගෙන් ප්‍රකාශයක්
මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි – විකල්ප මාර්ග ගැනත් දැනුම්දීමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් කරයි
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කරයි
අධ්‍යාපනවේදී උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
විමල් වීරවංශගේ නඩුවකට අද දුන් නියෝගය
සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිකළ සත්යග්රහ අට්ටාලය පොලිසිය ඉවත් කරයි
දිවයින වටා මුහුද රළු වෙයි
සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිඳගෙන් අනාවරණයක්
රට විරුවන්ගේ ඩොලර් ලැබීම් ඉහළට
අද ඩොලරයේ විකුණුම් මිල