2006 වසරේ සිට සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා තමන් වහන්සේ දැඩි උත්සාහයක් ගත්තද, බලයේ සිටි කිසිදු රජයකින් ඊට අවශ්‍ය සහයෝගය නොලැබීම හේතුවෙන් එම උත්සාහය අසාර්ථක වූ බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ පැවසූහ.
සමගි ජනබලවේගය මගින් පැවැත්වීමට නියමිත සඝ සමුළුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.
සංඝ කතිකාවත සකස් කිරීම සඳහා මහා සංඝරත්නය සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවද එය අසාර්ථක වීම නිසා, දිනෙන් දින සිදුවන ශාසනික පරිහානිය වළක්වා ගැනීමට විහාර දේවාලගම් ආඥා පනතට සංශෝධනයක් හෝ ගෙන එන ලෙස රජයෙන් ඉල්ලා සිටි බව මහානාහිමියෝ සිහිපත් කළහ.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය කියා සිටියේ, මහා සංඝරත්නය අපහසුතාවට පත් කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පක්ෂය හඳුනාගෙන ඇති බවයි.
එම තත්ත්වය සැලකිල්ලට ගෙන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මහා සඝ සමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව ඇය පැවසුවාය. ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතා මහානායක ස්වාමින්ද්‍රයන්වහන්සේලා බැහැදැක, ඒ සඳහා සුදුසු දිනයක් තීරණය කරනු ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

පින්නදූව අධිවේගී පිවිසුමේ බිහිසුණු අනතුරක්! පිරිසක් රෝහලට!
මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි – විකල්ප මාර්ග ගැනත් දැනුම්දීමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් කරයි
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කරයි
අධ්‍යාපනවේදී උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
විමල් වීරවංශගේ නඩුවකට අද දුන් නියෝගය
සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිකළ සත්යග්රහ අට්ටාලය පොලිසිය ඉවත් කරයි
දිවයින වටා මුහුද රළු වෙයි
සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිඳගෙන් අනාවරණයක්
රට විරුවන්ගේ ඩොලර් ලැබීම් ඉහළට
අද ඩොලරයේ විකුණුම් මිල