Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි

3 hours ago

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1,854 කට අධික විදෙස් ණය මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් යොමු කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින්, මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් මෙම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඒ අනුව, 2024 ජනාධිපතිවරණයේ සිට මේ වසරේ මැයි 05 වැනි දින දක්වා කාලසීමාව තුළ මෙම ණය මුදල් ලබාගෙන තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම අමෙරිකානු ඩොලර් මිලියන 1,854.77 ක සමස්ත මුදල සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලබාගත් ණය පහසුකම් කිසිවක් ඇතුළත් නොවීමයි.

අදාළ ණය මුදල් ලබාගෙන ඇත්තේ වත්මන් රජය බලයට පත්වීමට පෙර, එනම් ජනාධිපතිවරණයට පෙර ගිවිසුම්ගත වූ ව්‍යාපෘති 18 ක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙනි. ඊට බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික ණය යන වර්ග දෙකම ඇතුළත් වන බව වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *