වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1,854 කට අධික විදෙස් ණය මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් යොමු කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින්, මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් මෙම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඒ අනුව, 2024 ජනාධිපතිවරණයේ සිට මේ වසරේ මැයි 05 වැනි දින දක්වා කාලසීමාව තුළ මෙම ණය මුදල් ලබාගෙන තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙම අමෙරිකානු ඩොලර් මිලියන 1,854.77 ක සමස්ත මුදල සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලබාගත් ණය පහසුකම් කිසිවක් ඇතුළත් නොවීමයි.
අදාළ ණය මුදල් ලබාගෙන ඇත්තේ වත්මන් රජය බලයට පත්වීමට පෙර, එනම් ජනාධිපතිවරණයට පෙර ගිවිසුම්ගත වූ ව්‍යාපෘති 18 ක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙනි. ඊට බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික ණය යන වර්ග දෙකම ඇතුළත් වන බව වාර්තා වේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට