බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා එල්ල වූ එරට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බංග්ලාදේශ බලධාරීන් පියවර ගෙන තිබේ.
පසුගිය 12 වනදා රාත්‍රියේ චැටෝග්‍රෑම්හි ලාල්ඛාන් බසාර් ප්‍රදේශයේදී එම පහරදීම වාර්තා විය.
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක නයීම් හසන්ට එරට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් වාර්තා වේ. පසුගියදා (13) රාත්‍රියේ චැටෝග්‍රෑම්හිදී සිදුව ඇති මෙම කනගාටුදායක සිදුවීම හේතුවෙන් මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් ක්ෂේත්රය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
තරගයකට සහභාගී වීමෙන් අනතුරුව ත්‍රීරෝද රථයකින් සිය නිවස බලා යමින් සිටි නයීම්ව, චැටෝග්‍රෑම්හි ලාල්ඛාන් බසාර් ප්‍රදේශයේදී කිසිදු ප්‍රමාණවත් හේතුවක් නොමැතිව පොලීසිය විසින් නවතා තිබේ. තමන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බව ඔහු මෙන්ම අවට සිටි පිරිස් කොතරම් ප්‍රකාශ කළද, එය නොසලකා හැර ඇති පොලිස් නිලධාරීන් ඔහුව බලහත්කාරයෙන් වෙනත් ත්‍රීරෝද රථයකට දමාගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇත.
“මම කවුද කියලා ඔවුන්ට නැවත නැවතත් කිව්වා. නමුත් ඔවුන් මම කියන දේ ඇහුවේ නෑ. පොලීසිය මට අමානුෂික ලෙස පොලුවලින් සහ ප්ලාස්ටික් පයිප්පවලින් ගැහුවා” යැයි නයීම් සිය අමිහිරි අත්දැකීම විස්තර කරමින් පැවසීය.
පොලිස් ස්ථානයේදී ඔහුව හඳුනාගැනීමෙන් පසුව ද, එහි ස්ථානාධිපතිවරයා ඔහුට හිස පහත් කරගෙන සිටින ලෙස තර්ජනාත්මකව පවසා තිබේ. නියම පොලිස් නිලධාරීන් නම් තමන්ව පොලිස් රථයකින් නොගෙන ත්‍රීරෝද රථයකින් රැගෙන ගියේ මන්දැයි ප්‍රශ්න කරන නයීම්, තමන්ට සිදුවූ මෙම අසාධාරණය වෙනුවෙන් යුක්තිය සහ සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය බව අවධාරණය කරයි.
2018 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව සිය ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් 26 හැවිරිදි නයීම් හසන්, මේ වනවිට ටෙස්ට් තරග 14කට සහභාගී වී ඇත. එසේම, මෙම මස අගදී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරයේ එකම ටෙස්ට් තරගය සඳහා නම් කළ 15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතයට ද ඔහු ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්
මේ දිනවල දරුවන් අතර පැතිර යන රෝග 4ක් පිළිබඳව දැනුම්දීමක්